(තරිඳු ජයවර්ධන)
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයට පැමිණි ශ්‍රී ලංකාවේ පැන්තරා පාදුස් නම් කොටියා මරා දැමීමේ සිද්ධියට වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රමාදය හේතුවීදැයි පරීක්ෂණ පවත්වන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
කොටියා ගමට පැමිණි අවස්ථාවේදී ඒ ගැන පොලිසියට හා වනජීවී නිලධාරීන්ට දැනුම් දුන් බව ද වනජීවී නිලධාරීන් අවශ්‍ය උපකරණ ද රැගෙන පැමිණෙන විට පැය ගිහිපයක් ගත වී ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති.
පොලිසිය ද එම ස්ථානයට ගොස් වනජීවී නිලධාරීන් කැඳවාගෙන ඒමට වනජීවී කාර්යාලයට ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් විමසීමේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ දුර බැහැර වනජීවී කාර්යාලවලට අවශ්‍ය පහසුකම් ලබා දී නැති බවයි. බොහෝ වනජීවී කාර්යාලවලට ඇත්තේ එක් රියදුරකු පමණක් බවත්, ඔවුන් අසනීප වුවහොත් එම දිනවලට ගමන් බිමන් යෑමේ අපහසුතා ඇති බවත් එම නිලධාරියා පැවසීය.