වනජීවී නිලධාරීන් 15ක් නිවාස අඩස්සියේ


(කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ අලි මෙහෙයුමක නිරතව සිටි වනජීවී නිලධාරීන් 15 දෙනකු අද(16) ප්‍රදේශවාසීන් පිරිසක් විසින් නිවාස අඩස්සියට ගනු ලැබූහ.

අදාළ නිලධාරීන් සියලු දෙනා ප්‍රදේශයේ විහාරස්ථානයක උඩුමහලේ රඳවා ගේට්ටු වසා දමා ප්‍රදේශවාසීහු එහි පහළ රැඳී සිටිති.

දින කිහිපයක සිට මෙම නිලධාරීන් ප්‍රදේශයේ වල් අලි මෙහෙයුමක නිරතව සිටි නමුත් වයඹ වනජීවී කාර්යාලයේ ඉහළ නිලධාරියකුගේ උපදෙස් පරිද අද පෙරවරුවේ මොවුන් මෙහෙයුම අතරමග නතර කර දමා ආපසු ගෙන්වා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් මැදිහත්ව ඔවුන් එහි රඳවාගෙන ඇතැයි වාර්තා වේ.