අතුල බණ්ඩාර නෙළුම්පත්ගම
පසුගිය 18 වැනිදින සිට අතුරුදන්ව සිටින දීගජන්තු ඇතා සෙවීමේ මෙහෙයුමක් වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් අද (29) කහල්ල පල්ලේකැලේ රක්ෂිත ප්‍රදේශයේදී සිදු කෙරිණි.
උතුරුමැද හා වයඹ වනජීවී කලාපය භාර වනජීවී පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් , සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.
ආඩියාගල පුරාණ අඹරැලි රජමහා විහාරස්ථානය පිටුපස රක්ෂිත කැලයට ඇතුළු වු පිරිස උදෑසන 8.00 සිට සවස 5.00 වනතුරු ඇතා සෙවීමේ මෙහෙයුමේ නිරත වූහ.
කණ්ඩායම් 4 කට බෙදී සෝදිසි කළ අතර දීගජන්තු ඇතා යැයි සැක සහිත ඇතෙකු කැලයේ සිට එකවරම වේගයෙන් කැලය තුලට රිංගා ගියබව වනජීවී පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.
දීගජන්තු ඇතාගේ වම් පාදයේ විශාල තුවාලයක් තිබුණු බවත් එම තුවාලය බඳින තුවක්කුවක් පත්තුවීමෙන් සිදුවුවක් බවත් ඒ සඳහා ප්‍රතිකාර ලබා දීමට තිබෙව බවත් වෛද්‍යවරයා පැවසීය.
ඇතාට අවසන් වරට ප්‍රතිකාර ලබා දී ඇත්තේ කලාවැව් ඉස්මත්තේදීය. වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද දවස පුරා ඇතා සෙවීමේ මෙහෙයුමට එක්වී සිටියේය.