වනජීවි දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදෙමින් එය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීමේ කටයුතු රජය මේ වන විට සිදුකරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ අනුව අද ප්‍රදේශ රැසක ජනතාවට මුහුණදීමට සිදුව ඇති වන අලි ගැටලූවට ඉදිරියේදී විසදුම් ලබාදීමට හැකිවනු ඇති බව ද ජනාධිපතිවරයා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පොළොන්නරුව වෙහෙරගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
වනජීවි දෙපාර්තමේන්තුවේ සම්පත් හිඟය හේතුවෙන් අලි වැට ඉදිකිරීම ඇතුළු කටයුතු පසුගිය කාලය තුළ ප්‍රමාද වී තිබූ අතර ඉදිරි වසරේ සිට එම කටයුතු විධිමත් අයුරින් සිදු කෙරෙණු ඇති බව ද සිරිසේන මහතා කීවේය.

