වනජීවී ගැටේ හරියයි


දෙනියායෙන් අල්ලා ගත් කිඹුල් හූනන් දෙදෙනකු මාතර දී රුපියල් තිස් දෙලක්ෂයකට විකිණීමට ගිය බව කියන තරුණයෝ දෙදෙනෙක් වනජීවී සංරක්ෂණ නිලධරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

වනජීවී උපාය දූතයාගේ ගැටයට අසුවූ මේ දෙදෙනා දෙනියාය හා පිටබැද්දර පදිංචිකරුවන් බවත්, ඔවුන් මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ ප්‍රධානී පී එස් සුමනරත්න මහතා පවසයි.