(හිඟුරක්ගොඩ ඩබ්. ඒ පියතිලක)
සෝමාවතිය ජාතික උද්‍යානයේ පෙරියාරු ගඟ අසන්නයේ පිහිටි ගස් කිහිපයක් කපා ප්‍රවාහනය කරමින් සිටියදි (22) දින රාත්‍රියේ කපන ලද දැව කඳන් සමග අත් ට්‍රැක්ටර්යක් සහ එක් සැකකරුවෙකු සොමාවතිය වනජිවි කාර්යාලය අසලදී අත්අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි.
පුලස්තිපුර පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකළ බවත් තොරතුරු ලබා දුන් තැනැත්තා පවසා ඇත්තේ සොමාවතිය වනජිවි කාර්යාලය ඉදිරිපිට කිලෝමීටර භාගයක් පමණ දුරින් පස්වරු හතට පමණ ගස් කැපු බවත්, ඒ සඳහා වනජිවි නිලධාරින්ගේ සහයෝගය ලැබෙන බැවින් එම නිලධාරින් මෙම ජාවාරම් කරුවන් අත්අඩංගුවට නොගන්නා බැවින් වනජීවි කාර්යාලය ඉදිරිපිටින් දැව කඳන් සහිත ට්‍රැක්ටරය ගමන් කරන බැවින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස තොරතුරුකරු දැනුම් දුන් බව පුලස්තිපුර පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ලැබුණු තොරතුරු මත පොලිස් නිලධාරින් උද්‍යානයේ සොමාවතිය පුදබිම මාර්ගයේ සැඟවී සිටියදී වනජිවි කාර්යාලයට මීටර් සියක් පමණ දුරින් උද්‍යානය තුල සිට ප්‍රධාන මාර්ගයට අත්ට්‍රැක්ටරයක් පිවිසිමත් සමග පොලිසිය දැක එක් සැකකරුවෙක් පලා ගොස් තිබේ. මෙම සැකකරුවන් සුංගාවිල ප්‍රදේශයේ අය බව පොලිසිය හඳුනාගෙන ඇත. ට්‍රැක්ටරය පදවාගෙන ආ තැනැත්තාගෙන් ප්‍රශ්න කිරිමේදී පවසා ඇත්තේ තමන් පඩියට වැඩ කරන බවත්, අයිතිකරු පැනගිය අතර මෙම ජාවාරම සිදු කරන පුද්ගලයා වනජිවි නිලධාරින්ට මුදල් ලබාදී මෙය සිදුකළ බව අත්අඩංගුවට පත් පුද්ගලයා පවසා තිබේ.
ඔම අවස්ථාවෙි දැවකඳන් 04ක් සහ අත්ට්‍රැක්ටරයක් එක් පුද්ගලයෙකු රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව උදැසන ගස් කැපූ බවට සැක කරන පෙරියාරු ගඟ අාසන්නයේ පරික්ෂා කිරිමේ කලක පටන් විශාල ගස් ප්‍රමාණයක් කපා විනාශ කර තිබූ අයුරු දැක ගත හැකි වු බව පොලිසිය පවසා සිටියි.