වනජීවී ඇමතිත් උසාවි කැඳවයි


නීති විරෝධී ලෙස අලිපැටවුන් දෙදෙනකු ලියාපදිංචි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු කීම සඳහා අධිකරණයේ පෙනී සිටින්නැයි වනජීවී ඇමැතිට හා වනජීවී දෙපාර්තමේන්තුවට අභියාචනාධිකරණය අද (04)  නියෝග කළේය.