
(අංජුල මහික වීරරත්න)
රට පාලනය පසෙක තබා ආණ්ඩුව පරිසරය වනසමින් බිස්නස් කරන තත්ත්වයට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
දිගින් දිගටම වැනසෙන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දිවිහිමියෙන් සටන් වැදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව ද විජයවර්ධන මහතා කියයි.
දැවැන්ත වන සංහාරයට එරෙහිව පෙළ ගැසෙමු" යන තේමාවෙන් සංවිධාන කළ සිතුවම් ඇඳීමෙි වැඩසටහනක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී අද (2) පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම චිත්‍ර ඇඳීමේ වැඩසටහන පැවැත්වුණු අතර චිත්‍ර ඇඳීමට දායකත්වය දැක්වූ තරුණ තරුණියන්ට ඇගැයීම් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.








