වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් කොටසක් වහයි


(නිමල කොඩිතුවක්කු)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන ජාතික උද්‍යාන, සංචාරක ගමනාන්ත, කඳවුරු බිම්, සහ සියලුම සංචාරක නිවාස යළි දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සඳහන් කළේය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවාස, වන නිවහන් ආදිය ඉකුත් පස් වැනි දා සිට වසා දැමීමට මෙවට පෙර පියවර ගනු ලැබීය.

කොරෝනා වසංගතය ව්‍යාප්ති අවසන් වන තෙක් එම තීරණය බලපැවැත්වෙන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.