වන උයන් තුළට පොලිතින් ගෙනයාම තහනම්


(විනීතා එම් ගමගේ)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනෝද්‍යාන හා රක්ෂිත වනාන්තර තුළට පොලිතින් හා ප්ලාස්ටික් වර්ග ගෙන යාම හෙට (04) සිට සපුරා තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ස්වභාවික රක්ෂිත, ජාතික  උද්‍යාන හා ලෝක උරුම රක්ෂිත  තුළට පොලිතින් හා ප්ලාස්ටික් ගෙන යාම සපුරා තහනම් වේ.

ප්ලාස්ටික්  බෝතල්,පොලිතින් ආහාර ඇසුරුම්,හා වෙනත් පොලිතින් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය එම වනාන්තර තුළට ගෙන යාම⁣ට ඉඩ නොදෙන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව  පවසයි.