(සිරිපුර මදුශානි අබේසිංහ)
වාලච්චේන සිටි වැලිකන්ද සෙවනපිටිය නගරය අසල බදාදා පොලේ වෙළඳාමට පැමිනෙමින් සිටි වෙළෙන්දෙකුට අද අලුයම 4.00 ට පමණ වන අලියකු පහරදීමෙන් ඔහු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වාලච්චේන කුරින්දි නගර්, විනයාගිපුරම් ලිපිනයේ පදිංචිව සිටි හතලිස් අටවියති හයදරු පියකු වන මුරුගේසු මූනියන්දි යන අය බව පරීක්‍ෂණ පවත්වන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
ඔහු තම පවුල සමඟ සෙවනපිටිය පොළට ප්ලාස්ටික් භාණ්ඩ,තවත් බඩු තොගයක් විකිණීමට පැමිණ ඇති අතර එහිදී වන අලි ප්‍රහාරයට මුහුණපා ඇති අතර මනම්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පරීක්‍ෂණ සිදුකරන පොලිසිය කියයි.

