(ක.ග කරුණාරත්න)
මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටි සෙබළෙකු අද (16) මාදුරුඔය රක්ෂිතයේ වනගත සටන් පුහුණුවක නිරතව සිටියදී වල් අලියකු පහරදීමෙන් මිය ගිය බව අරලගංවිල පොලිසිය කියයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව මීපනාව අංක 19 ලිපිනයේ පදිංචි හෙට්ටිආරච්චිගේ නදීර නිරෝෂණ (19) යන අයයි.

