වන අලි ප්‍රහාරයට ලක් වු දැරිය විභාගයට


නිශාන්ත කුමාර
 
පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා අද (5) උදෑසන සිය මව සමඟ පාපැදියක නැගී පාසලට යමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා මහියංගන මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය ප්‍රතිකාර වලින් පසුව මීට සුළු වේලාවකට පෙර විභාගයට පෙනී සිටීම සඳහා  තාවකාලික අවසරයක් මත රෝහලෙන් පිටව ගිය බව පොලීසිය පවසයි.


එහෙත් ඇයගේ මව තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය පවසයි.


මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වුයේ මහියංගණ හත්දත්තාව අක්කර 80 පදිංචි සයුරි සත්සරණී (10) සහ ඇගේ මව වන ඩී එම් සේපාලිකා කුමාරි (35) නැමැති මවක් හා දියණියකි.