(දයාරත්න ඇඹෝගම)
ගොවිබිම් වල සවිකර තිබූ වටිනා ජල පොම්ප සොරා ගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනාකමකින් යුතු සොරා ගත් ජල පොම්ප 08 ක් සමඟ අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරයෙකි. සෙසු සිව් දෙනා අවුරුදු 23-33 වයසේ පසු වන විජිතපුර, කළාකරඹෑව, ඉපලෝගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් සොරාගෙන අලෙවි කර තිබූ භූමිතෙල් හා විදුලිය මගින් ක්‍රියා කරන රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා ජල පොම්ප 8 ක්ද පොලීසිය සොයා ගෙන ඇත.
ඉපලෝගම ප්‍රදේශයේ ගොවි මහතකු තම වගා බිමේ සවිකර තිබූ වටිනා ජල පොම්පය සොරා ගෙන ඇති බවට ඉපලෝගම පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරික්ෂණයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර නඩු විභාගය ජුනි 5 වැනි දා පැවැත්විමට නියමිතය.