ක.ග කරුණාරත්න
දිවයිනේ බොහෝ පෙදෙස්වල මහ වැසි පැවතිය ද පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබෙන වියළි කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක වෙසෙන පවුල් 13698 ක පුද්ගලයෝ 52223 දෙනෙකුට පානීය ජල සැපයුම සිදු කෙරෙන බව ආපදා කළමණාකරන ඒකකය කියයි.
වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව, ලංකාපුර, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බවුසර් මගින් ජලය බෙදාහැරීම සිදු කෙරේ.
පානීය ජල හිඟයෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ වැලිකන්ද සහ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලය.
මේ අතර දිස්ත්‍රික්කයේ රජයේ පාසල් සහ පෙර පාසල් 26 කට අයත් 9000 ක් ඉක්මවන සිසු දැරියන් පිරිසක්ද පානීය ජල ගැටළුවට මුහුණ පා සිටිති.

