වතුර නැතිව පොළොන්නරුවේ 2525ක් අමාරුවේ


ක.ග කරුණාරත්න
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබෙන වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ක පවුල් 885 කට අයත් පුද්ගලයන් 2525 ක් පානීය ජල හිඟයකට මුහුණ පා සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

 
වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මේ තත්ත්වය බලපා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය.
 
මේ අතර වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයේ පාසල් 06 ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 1475කු සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 02 ක සිසු දරු දැරියන් 1150 දෙනෙකුද පානීය ජල හිඟයට මුහුණ පා සිටින බව ද ඒ මහතා කීය.
 
පානීය ජල හිගය පවතින ගම්මානවල ජනතාවට සහ රජයේ පාසල් සියල්ලට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් බෙදා හරින බවද වැලිකන්ද සහ දිඹුලාගල කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරු ප්‍රකාශ කළහ.