
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාමය සවිකර තිබූ කොන්ක්‍රිට් කණුවක් කඩා වැටීමෙන් තුවාල ලැබූ එක් දැරියක මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වැල්ලම්පිටියේ පදිංචි ෂෙහන්සා නිත්සරණි නමැති හය හැවිරිදි දැරියකි.
මියගිය ෂෙහන්සාගේ හය වන උපන්දිය ද අදට යෙදී තිබූ අතර පාසලේ සිය මිතුරන් සමග කේක් කැපූ ෂෙහන්සා අත සේදීම සඳහා ජල කරාමයට අසලට ගිය අවස්ථාවේ මෙම අනතුරට පත්ව ඇතැයි පාසල් ආරංචි මාර්ග කියයි.
ජල කරාමය සවිකර තිබූ කණුව වැටීමෙන් සිසු සිසුවියන් හය දෙනකු තුවාල ලැබූ අතර ඔවුන් අතර ෂෙහන්සා ද සිටියාය.
සිදුවීම සම්බන්ධයෙන් කුපිත වූ මව්පියන් පිරිසක් විදුහල්පතිට පහර දීම නිසා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
-----------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල නල සවිකර තිබූ අඩි 6 ක් පමණ උසින් යුත් කොන්ක්‍රීට් කොටසක් පෙරළීමෙන් සිසුන් 6 දෙනකු තුවාල ලබා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
පිරිමි ළමයි සිව්දෙනකු සහ ගැහැණු දරුවන් දෙදෙකු තුවාල ලබා ඇත. ඔවුන් පළමු ශ්‍රේණියේ වයස අවුරුදු 6 යේ දරුවන් බව පොලිසිය කියයි.
තුවාල ලැබූවන් 5දෙනකු ජාතික රෝහල වෙත හා එක් අයකු ළමා රෝහල වෙත ඇතුළත් කර ඇත. එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් හැරිසන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රි)



