වතුර ඉල්ලා දෙමටගොඩ උද්ඝෝෂණයක්


දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයට ජලය ලබා නොදෙතියි කියමින් ප්‍රදේශවාසීහු පිරිසක් දෙමටගොඩ ගුවන් පාලම යට දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවක් පවත්වති.

විරෝධතාව නිසා උදේ වරුවේ දුම්රිය ගමනාගමනය අඩාල විය.

රජයේ සේවකයන් ඇතුළු කාර්යාල සේවකයෝ ද, මගීහු ද අපහසුතාවට පත්වූහ.

කැරලිමර්දන සහ විශේෂ පොලිස් කණ්ඩායමක් ද ආරක්ෂාව සඳහා කැඳැවූ බව පොලිස් ආරංචි කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියනුයේ උද්ඝෝෂකයන් දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ බවයි. දැන් විරෝධතාව සාමකාමී බව ද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

dematagoda-water-protets-2015-09-04-01 dematagoda-water-protets-2015-09-04-02 dematagoda-water-protets-2015-09-04-03 dematagoda-water-protets-2015-09-04-04 dematagoda-water-protets-2015-09-04-05