රංජන් කස්තුරි
ඉන්දියානු රජයේ තවත් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවේ වතුකරයේ ජනතාවට පිරිනැමෙන නව නිවාස 10,000 ක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය මේ මාසයේ සිට ආරම්භ කෙරෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරන් මහතා පැවසීය.
එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක පිරිවැයක් යටතේ මෙම නිවාස ඉදිකෙරෙන අතර ඒ සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීම ආරම්භ කර තිබෙන බවද ඇමැතිවරයා කීය.
නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල වතු ජනතාව වෙනුවෙන් නිවාස 4000ක් ඉදිකර දීමට ඉන්දීය රජය දැනටමත් අරමුදල් ප්‍රදානය කර තිබෙන අතර ඉන් නිවාස 1136 ක ඉදිකිරිම් මේ වන විට අවසන් කර තිබේ.