(ඩයනා උදයංගනී /ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දියානු ආධාර යටතේ දැනට ඉදිකෙරෙමින් පවතින නිවාස 4000ට අමතරව තවත් නිවාස 10,000ක් එම ජනතාව වෙනුවෙන් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
එමෙන්ම ඉන්දියාව මගින් මෙරටට ලබාදී බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක කෙරෙන ගිලන් රථ සේවාව සෙසු පළාත්වලටද ලබාදීමට පියවර ගන්නා බවද ඉන්දීය අගමැතිවරයා සඳහන් කළේය.
මීට අමතරව වතුකරයේ ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ තත්ත්වය ඉහළ නැංවීම සඳහාද ඉන්දීය රජයේ සහයෝගය ලබාදෙන බව නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ නෝර්වුඩ් මහජන ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවට එක්වෙමිනි.
ඒ සඳහා වතුකරයේ අතිවිශාල ජනතාවක් සහභාගී වී සිටි අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එම ජනතාවගෙන්ඉහළ පිළිගැනීමක් ද හිමිවිය.




(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

