වතුකරයට නව නිවාස 1500ක්


රංජිත් රාජපක‍්ෂ 
 

රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට තිබූ නිවාස සහ ඉඩම් අයිතිය දැන් වතුකරයේ ජනතාවට ද ලැබී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසීය.
 
අගමැතිවරයා මේ බව පැවසුවේ වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කළ සහ ඉදිවෙමින් පවතින නව නිවාසවලට අදාළ හරිත භූමි ඔප්පු ප්‍රධානය කිරීම වෙනුවෙන් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. අද ඉඩම් ඔප්පු 2864ක් පිරිනමනු ලැබීය.
 
 වතුකරයේ වෙසෙන මෙතෙක් නිවාස නොලැබුණු   සෙසු ජනතාව වෙනුවෙන් ද නව නිවාස ඉදිකිරිමට වත්මන  රජය කටයුතු කරන බව ද අගමැතිවරයා කීවේය.   
 
මේ වන විට වතුකරයේ නිවාස 1500කට වැඩි ප්‍රමාණයක් සාදා අවසන් බව  කඳුරට නව ගම්මාන, වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංර්ධන අමාත්‍යංශය කියයි. එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 12ක ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ද එම අමාත්‍යංශය පවසයි.
 
පලනි දිගම්බරන්, ගයන්ත කරුණාතිලක, වී රාධා ක්‍රිෂ්න්නන් මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.

 

(ඡායාරූප රංජිත් රාජපක්ෂ)

 

(ඡායාරූප ශාන්ත රත්නායක)