වතුකර ජනතාවට දිගම්බරන් තුති පුදයි


තම ජයග්‍රහණය ජනතාවගේ  ජයග්‍රහණයක් බවත්  වතුකරයේ  ජනතාවගේ  අභිවෘද්ධිය වෙනුවෙන්  තම දේශපාලන ජිවිතයේ  ඉදිරි  වසර  පහ කැපවී  කටයුතු  කරන බවත්  එක්සත්  ජාතික  පක්ෂයෙන්  නුවරඑළිය දිස්ත්‍රික්කයට  තරඟ කොට  පළමු  ස්ථානය හිමිකරගත් කම්කරු  ජාතික සංගමයේ  නායක පලනි  දිගම්බරන්  මහතා කීවේය.

වතුකරයේ  ජනතාවට  තම නොමඳ ස්තූතිය පළ කර  සිටින බවත්  වතුකරයේ  ජනතාව ලයින්  කාමර ජිවිතයෙන්  මුදවා  ගැනීමට  කටයුතු  කරන බව ඔහු  පැවසුවේය.