වතු ගෙවල් දහදාහකට කොළඹ සිට මුල් ගල තබයි


(අංජුල මහික වීරරත්න)

කොටගල මවුන්ට් වර්නන් වතුයායේ පහළ දිඹුල කලාපයේ නිවාස දස දහසක ව්‍යපෘතිය  සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මාලා සීතාරාමන් මහත්ම මහත්මීහු කොළඹ සිට මාර්ගත ක්‍රමය මගින් මුල් ගල තැබූහ.

ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ශ්‍රී ලංකාවට  පැමිණ වසර 200ක් පිරීම වෙනුවෙන් පැවැත්වූ 'නාම් 200' සංවත්සර උත්සවයේදී මෙම මුල් ගල තැබීම සිදු කෙරිණි. කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේදී මෙම උත්සවය පැවැත්විණි.