(විනීතා එම් ගමගේ)
වතු කම්කරුවන්ගේ දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අද (25) එකඟතාවකට පැමිණියේය.
ඒ අනුව රුපියල් 500 ක්ව පැවැති දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට නියමිත අතර රුපියල් 50ක දෛනික දීමනාවක් ද එයට එක්වන බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.
අර්ථසාධක අරමුදලට හාම්පුතුන් වෙන් කරන මුදල ද සමඟ දෛනික වැටුප රුපියල් 850 ක් වන බව කි අමාත්‍යවරයා වැඩිපුර කඩන දළු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවකට රුපියල් 25 ක මුදල රුපියල් 40 ක් දක්වා වැඩි කිරීමට ද වැවලි සමාගම් එකඟ වූ බව ද සඳහන් කළේය.
නව එකඟතා සහිත සාමූහික ගිවිසුමට සඳුදා (28) අස්සන් කරන බව කී සමරවීර මහතා සාමූහික ගිවිසුම අස්සන් කිරීම ප‍්‍රමාද වීම හේතුවෙන් ගෙවීමට සිදුවන හිඟ වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 150 ක් රජයෙන් ගෙවීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
කම්කරු අමාත්‍යංශයේ දී කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා ඇමතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ පිලිබඳ සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, වතු කම්කරු වෘත්තිය සමිති සහ වැවිලි සමාගම් නියෝජිතයෝ සහභාගි වූහ.

