වතු වැටුප් 150 කින් වැඩි කරන වෑයමක්


වතුකම්කරුවන්ගේ  වැටුප රුපියල් 620 සිට 770 ක් දක්වා  ඉහළ දැමීමට  ඇති  හැකියාව පිළිබඳව එකඟතාවයකට  එන්නැයි කම්කරු  සහ වෘත්තිය සබදතා  පිළිබඳ අමාත්‍ය  ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා  වතු කම්කරු  වෘත්තිය සමිති  නියෝජිතයන් සහ වතු සමාගම්  නියෝජිතයන්ගෙන්  ඉල්ලීමක්  කළේය.

තේ මිල පහළ වැටීම නිසා  මේ වන විට වතු  සමාගම්  අර්බුදයකට  මුහුණ  දී  සිටින බැවින්  මේ  අවස්ථාවේ  රුපියල්  දහසක්  ගෙවීම අසීරු  බවද අමාත්‍යවරයා පෙන්වා දී  ඇත.