වත්සලාගේ අඩිපාරේ යන බුවිනි


 

 

22

මෙයාගේ නම බුවිනි. දන්නවද මේ බුවිනි කවුද කියලා? මෙයාගේ අක්කා තමයි වත්සලා දියලගොඩ. එයාගේ නංගි තමයි මේ බුවිනි. අක්කා නැති අවස්ථාවලදී රූපවාහිනියේ දැන් ඒ පාඩුව පුරවන්නෙ මේ නැගණියයි. මේ දිනවල විකාශය කෙරෙන ‘‘උතුම් පැතුම්’’ නාට්‍ය මාලාවේ ප‍්‍රධාන චරිතයත් රඟපාන බුවිනි ඊට අමතරව සී-එස්-එන් සහ ස්වර්ණාවාහිනියේ නිවේදිකාවක ලෙස කටයුතු කරන්නීය. අද සැඳැල්ල කතාබහ අක්කාගේ අඩිපාරේ යන මේ නංගී සමගය.

 

 

 

 

star බුවිනි අමුතු නමක් වගෙයි මොකක්ද එහි තේරුම?


‘‘භූමියට දෙව්දුව’’ කියන.

 


star උපන්නේ?


කොළඹ.

 


star ඉගෙන ගත්තේ ?


කෝට්ටේ ජනාධිපති බාලිකාවෙන්.

 


star ඇයි රඟපෑමට ආවේ? අක්කාගෙ අඩුව පුරවන්නද?


මටත් පොඩිකාලයේ ඉඳලාම රඟපෑමට ආසාව තිබුණා. ඒත් අක්කා මට වඩා අවුරුදු 6ක් වැඩිමල්. අක්කා රඟපාද්දි මට ඒ ආසාව තවත් වැඩිවුණා. ඒත් A/L  ඉවරවෙනකල් රඟපෑම් අංශය ගැන හිතුවේ නැහැ. කොහොම වුණත් අක්කා දැන් ‘‘බබා’‘එක්ක. කාර්ය බහුල නිසා මේ දිනවල අලූතින් රඟපාන්නෙ නැහැ. ඒනිසා අක්කා නැති අඩුව මම නිසා පිරවෙනවා ඇති.

 

 


star උතුම් පැතුම් ඔබ රඟපෑ කී වැනි ටෙලි නාට්‍යයද?


මේක තුන්වැනි එක. ඊට පෙර තවත් දීර්ඝ නාට්‍ය දෙකකට දායක වුණා. තව ඉදිරියේදී විකාශයට නාට්‍ය කීපයක් තියෙනවා.

 

 


star ඇයි වෙන අංශයක් ගැන නොහිතුවේ


රඟපෑම ගැන විතරක් හිතුවේ ඇත්තටම කිව්වොත් A/L කළෙත් කලා අංශයෙන්. මගේ හිත තිබුණේ කලාවට. ආස කළේ ඒ අංශයේ වැඩ වලටයි. අපේ අම්මත් පොඩි කාලයේ ඉඳලම කලාවට සමීපව සිටි කලාවට ආදරය කළ කෙනෙක්. ඊට පස්සේ අක්කා ඒ අංශයට දායක වුණාම මට ඒ ආසාව වැඩිවුණා.

 

 


star අක්කා සහ ඔබ අතරින් කවුරුද 2 කියලා හිතන්නේ?


ඒක පේ‍්‍රක්ෂකයින්ට බාර දෙයක්.

 


star එහෙම නම් ඔබගේ ප‍්‍රියතම නිළිය කවුද?

වත්සලා දියලගොඩ.

 


star එහෙම කිව්වේ නැත්නම් ගෙදර යන්න බැරිවේවිද?


අපෝ එහෙම නැහැ. අක්කාගේ රඟපෑම් හරි තාත්විකයි.

 


star ඔබගේ ප‍්‍රියතම නළුවා කවුද?


ගොඩාක් අය ඉන්නවා.

 


star ඒ අතරින් 5 දෙනෙකුගේ නම් කීවොත්?


උද්දික පේ‍්‍රමරත්න, බිමල් ජයකොඩි, අමිල අබේසේකර, කාවිංග පෙරේරා, විශ්ව කොඩිකාර.

 


star බුවිනි කිව්වාම කොහොම කෙනෙක්ද?


විනෝදයෙන්, සැහැල්ලූවෙන් ජීවිතය ගත කරන්න කැමති කෙනෙක්.

 


star විනෝදයට මොනවද කරන්නේ?


ඇවිදින්න යන්න ආසයි. නුවරට තමයි වැඩිපුරම ආසා. ඒ පරිසරයට වගේම දළඳා මාළිගාව තියෙන නිසාත් ආසයි. මුළු ලෝකෙන්ම ආසත් නුවරට.

 


star සිහින කුමාරයාගේ ගම නුවර නිසාද?


ඒක රහසක්

 


star ඔබ කොහොම චරිතයක්ද? ආදරණීය චරිතයක්ද බැ?රුම් චරිතයක්ද?


 නිතරම උත්සාහ ගන්නෙ ආදරණීය චරිතයක් වෙන්න. නමුත් එහෙම වෙන්න අමාරු අවස්ථාවලදී බැ?රුම් චරිතයක් වෙනවා.

 

 

star ශිහාන් මිහිරංගට විශේෂ කැමැත්තක් තියෙනවා කියන්නේ?


එයා තමයි මගේ ප‍්‍රියතම ගායකයා.

 


star ගැහැනු ළමයකු කොහොම විය යුතු කියලද හිතන්නේ?


දැන් තියෙන්නේ ඉස්සර සමාජය නොවෙයි. ඉස්සර මතයක් තිබුණා ගැහැනු ළමයකුට අධ්‍යාපනය  ඕනෙ නැහැ, ගෙදර වැඩ ඉගෙන ගත්තාම ඇති කියලයි. නමුත් වර්තමාන ලෝකයේ ගැහැනු ළමයකු දැනුම අතින් ඉහළ වෙන්න  ඕනෑ. ඒක හොඳ දෙයක්. කාන්තාව ලිප් බොක්කේ මුළුගැන්විලා සිටිය යුතු නැහැ. හැබැයි උයන්න පිහන්න වගේම ගෙදර දොර වැඩ නම් දැන ගන්න  ඕනෑමයි.


sadun-gamage