සමන් විජය බංඩාර
හෙම්මාතගම ගම්පොළ මාර්ගයේ වත්තේකඩේ ප්‍රදේශයේ ප්‍රධාන පාර අද්දර කඳු ගැටය අස්සේ ජලය පිරුණු දිය පොකුණක් මතු වී ඇති අතර එම දිය පොකුණ අම්බුළුවාව කඳු දෙසට ඇති බවත්, මේ මතු වී ඇත්තේ ගම්පොළ රාජධානියේ පෞරාණික ස්ථානයක් විය හැකි බවට සැක කරන බවත් ප්‍රදේශවාසීහු කියති.
මාර්ගයේ සංවර්ධනය කටයුතු වලට පාරේ ඉවුරු කපා පළල් කරන විට ද මෙම ස්ථානය මතු වී නොමැති අතර වැස්සත් සමග සෑම දිසාවෙන්ම බොර ජලය ගලා යන විට මේ ස්ථානයෙන් පැහැදිලි දිය පහරක් පිහිල්ලක මෙන් පාර දෙසට පතිත වී ඇත. එවිට ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු අදාල ස්ථානය පරික්ෂා කරද්දී ඉවුර මැද තිබු අඩි 4 ක පමණ විශAකම්භය ඇතුලතින් පොකුණක් දැක ඇත. එම පොකුණේ වට කළු ගල් බැමි වලින් නිම කර ඇති අතර අඩි 8 ක පමණ දුරකින් පසුව එය නැවත අම්බුළුවාව කඳු දෙසට හැරි පවතින අයුරු දැක ගැනිමට හැකි විය.
එම පොකුණ පිහිටි ඉඩම පෞද්ගලික ඉඩමක් වන අතර බැලූ තෙක් මානයේ කඳු සහිත බිම පිහිටා ඇත. ආදාල ස්ථානය ප්‍රදේශවාසීන් විසින් දැන්වීමෙන් පසුව ප්‍රාදේශයේ ග්‍රාම නිලධාරිවරයා පැමිණ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම්වත් කර ඇත. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය කළ විමසීමකදී ඇය පැවසුවේ අදාල ස්ථානය සම්බන්ධයෙන් සොයා බැලීමට වගකිව යුතු අංශ දැනුම්වත් කරන බවයි.
පැහැදිලි ජලය පිරුණු මෙම පොකුණ මුලින්ම මහ වැසි පවතින විට දැක තිබුණේ වත්තේකඩේ රාජෙන්ද්‍රන් කුමාර් මහතාය.
වත්තේකඩෙන් මතුවූ පොකුණ ගැන සොයයි
Recommended Articles