(සිතුම් චතුරංග)
මුලතිව්, පුදුකුඩිරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ නිවසක් අසල ගෙමිදුල ශුද්ධ පවිත්‍ර කරමින් සිටි කාන්තාවක ඩෙටනේටරයක් පිපිරීමෙන් තුවා ලබා රෝහල ගත කොට ඇතැයි පුදුකුඩිරිප්පු පොලිසිය කියයි.
ගෙමිදුල ආසන්නයේ ගසක් පාමුල උදුලු ගාමින් සිටියදී පොළව අභ්‍යන්තරයේ තිබූ කිසියම් දෙයක් පුපුරාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
මුලතිව් දේවිපුරම් පදිංචි 41 හැවිරිදි කාන්තාවක් පිපිරීමෙන් සුළු තුවාල ලබා මුලතිව් ,පුදුකුඩිරිප්පු රෝහල වෙත ඇතුලත් කර ඇත.
සුළු තුවාල ලබා සිටි කාන්තාව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය හා පොලිසිය සිදු කළ ස්ථානීය පරික්ෂණයේ ද ඩෙටනේටරයක් පුපුරා ගොස් ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
පිපිරීම සිදුවූ ස්ථානයේ තවදුරටත් පුපුරණ ද්‍රව්‍ය තිබේද යන්න පිළිබඳ සෝදිසි කටයුතු සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.

