වත්කම්- බැරකම් ප්‍රකාශ ජුනි 30ට පෙර ඉල්ලයි



 
සුජිත් හේවාජුලිගේ
 
තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන ජුනි මස 30 වැනි දාට පෙර  බාර දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් දැනට වත්කම් බැරකම් ප්‍රකාශ බාරදී ඇත්තේ කිහිප දෙනකු පමණක් යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්කම් බැරකම් නීතිය අනුව සියලුම ඇමැතිවරුන් ජනාධිපති ලේකම්වරයාටත් සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මහලේකම්වරයාටත් වත්කම්- බැරකම් ප්‍රකාශ බාරදීම කළ යුතු වෙයි.