වඩු මඩුවෙන් සොයාගත් හෙරොයින් කොස්තාපල්වරයකුට අයත් යැයි සැකයක්


 

(ඉන්දිකා රාමනායක)

සපුගස්කන්ද   හෙයියන්තුඩුව ප්‍රදේශයේ  වඩු මඩුවක සඟවා තිබිය දී පොලිසිය අද  (2) සොයාගත්  රුපියල් කෝටි 23 ට අධික වටිනා හොරොයින් කිලෝ 23 කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකුට අයත් යැයි සැක කරන බව පොලිසිය පවසයි.
 
වඩුමඩුවේ සඟවා තිබියද අද  සොයාගත්  හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු එම කොස්තාපල්වරයාගේ සහෝදරයකු වන බවද පොලීසිය සඳහන් කළේය.
 
මෙම  සිද්ධියෙන් අනතුරුව   සැක සහිත  කොස්තාපල්වරයා   අතුරුදන්ව ඇති බවත්   කොස්තාපල්වරයා විසින් ඔහුගේ සොහායුරාට අයත් වඩු මඩුවේ මෙම හොරොයින් තොගය සඟවන්නට ඇති බව පොලිසිය සැකකරයි.