වට්ස්ඇප් තහනමත් ඉවතට


තරිඳු ජයවර්ධන
 
සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ රජය විසින් අවහිර කරනු ලැබූ වට්ස්ඇප් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
 
අද පෙරවරුවේ එම දැනුම්දීම කළ බව රජයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසිය.
 
ඒ අනුව අද සවස් වන විට වයිබර් මෙන්ම වට්ස්අප් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාවද හිමිවන බව එම නිලධාරියා කීවේය.