වටරැක හිමිට ඇප: චෝදනා බාර නොගනී


පොලිසිය නොමඟ යවන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් කළැයි කියන වටරැක විජිත හිමියන් ඇප මත මුදාහරින ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

රුපියල් දස දහසක මුදල් ඇපයක් ද, රුපියල් පනස් දහසක් බැගින් වූ ශරීර ඇප දෙකක් ද ඒ හිමියනට නියම විය.

තමනට එරෙහි චෝදනා නොපිළි ගන්නා බවත් තමන් නිවැරදිකරු බවත් ඒ හිමියෝ කීහ.