වටරැක සිර කඳවුරට දුම්කොළ සහ ලයිටර් ගෙන ගිය සැරයන් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

වටරැක  එළිමහන් සිර කඳවුර  තුළට දුම්කොළ 25ක් සහ ලයිටර් 11 ක් රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගේ යතුරු පැදිය බන්ධනාගාර නිලධාරීන් සෝදිසියට   ලක් කිරීමේ හී  එහි  අසුන යට බහාලුමේ සගවා තිබියදී  මේවා සොයාගෙන ඇත.

සැකකාර බන්ධනාගාර සැරයන් බන්ධනාගාරය තුළට තහනම් භාණ්ඩ රැගෙන එන බවට වටරැක එළිමහන් සිර කදවුරේ අධිකාරිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බව  බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක  පාලනය හා පුනරුථාපන කොමසාරිස්  චන්දන ඒකනායක මහතා පවසයි.

සැකකාර බන්ධනාගාර සැරයන්  පැද ආ යතුරු පැදිය සිර කදවුරෙහී නව අංශයට ඇතුලත්වන මාර්ග බාධකය ඉදිරිපිටදී හදිසි සෝදිසි කිරිමකට ලක්කිරීමේ දී මේවා සොයාගත් බවද හෙතෙම කීය.

සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයා වහාම ක්රිසයාත්මක වන පරිදි සැරයන්වරයා වැඩ තහනමකට ලක්කර ඇති අතරල සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු සිදුවෙමින් පවතී