පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි ජූලි 02 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් බන්ධනාගාර රෝහලෙන් එම පහසුව සලසන ලෙස මහේස්ත්‍රාත් බන්ධනාගාර නිලධරයනට නියෝග කළේය.
විජිත හිමියනට එරෙහිව මහියංගනය ශාසනාරක්ෂක බල මණ්ඩලය මීට මාස පහකට පෙර බ්‍රහ්ම දණ්ඩනය පැනවීය.

