
(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක වටරැක ප්‍රදේශයේ 65 හැවිරිදි එක්දරු මවක ඝාතනය කර පලා ගිය සැකකරු අදාල නිවසට කිලෝමීටරයක් පමණ දුර නිවසක සැඟව සිටියදී අද (30) අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
එම කාන්තාව ඝාතනය කළ නිවසේ සිට කිලෝමීටර්යක් පමණ දුරින් පිහිටි රබර් වත්තක තිබූ පාලුවට ගිය නිවසක සැකකරු වැනි පුද්ගලයකු රැදී සිටින බවට මීගොඩ පොලීසියට ලද තොරතුරක් අනුව නිළධාරීන් කණ්ඩායමක් අදාල පාලු නිවසට යවා සෝදිසි කිරීමේදී සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කාන්තාව ඝාතනය සදහා යොදා ගත් අඩ් තුනක් පමණ දිගැති ලී පටියක් ද සොයා ගෙන ඇත.
ඝාතනයට ලක් වූ කාන්තාව සහ ඇයගේ පුතා සිද්ධිය වූ ඉකුත් 29 වැනි දින රාත්‍රියේ දී සැකකරුට බැණ වැදී ඇති බවත් එම සැකකරුගෙන් මෙයට පෙර කාලයකදී ඉල්ලා ගත් ණය මුදලක් නොගෙවීම මත බහින්බස් වීමක් ද එදින රාත්‍රි කාළයේදී සිදු වූ බවද ඒ නිසාවෙන් අලඅයම් කාලයේදී පැමිණ ලී පටියකින් කාන්තාවගේ හිසට දෙසට පහරක් එල්ල කර තමන් පලා ගිය බවට සැකකරු පාපොච්චාරණයක් කර ඇතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වටරැක ප්‍රදේශයේ පොල් වත්තක් බලා කියා ගනිමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙකි.

