වටදාගේ ළගින් ඉපැරැණි හිස් කබලක්


පොළොන්නරුවේ ඓතිහාසික වටදාගේ නැගෙනහිර දිසාවේ කැණීම් වලින් මිනිස් හිස් කබලක් හා ඇට කැබලි කිහිපයක් සොයාගත් බව පුරා විද්‍යා නිලධරයෝ කියති.

අඩි තුනක ගැඹුරේදී මෙම  පුරාවස්තු සොයාගෙන ඇත. මෙම හිස් කබල හා ඇට කවර කාලයකට අයත් දැයි සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක් කොළඹින් එහි ගියහ.