කොළඹ පුරහළ ප්‍රදේශයේ ගොඩ නැගිල්ලක නීති විරෝධී සූදුපොළක මුදල් ඔට්ටුවට බූරුවා ගසූ 24 දෙනකුට රුපියල් සියය බැගින් දඩ නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සූදු කෙළියට සහාය වූ බව කියන හත් දෙනකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
සූදු පොළ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හිමිකාරිය බව කියන වජිරා නෙත්තිකුමාර ඇගේ ලිපිනයේ නැතැයි කී පොලිසිය ඊළඟ නඩු වාරයේ උසාවියේ පෙනී සිටින්නට නොතිසී නිකුත් කරන්නැයි ඉල්ලීය.
මසකට රුපියල් පන් ලක්ෂය බැගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු ද ගෙවා නැතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
ලබන 16 වැනි දා උසාවියේ පෙනී සිටින්නැයි වජිරා නෙත්තිකුමාරට නොතීසි නිකුත් කැරිණි.

