ශ්‍රී ලංකාවේ වගා කළ හැකි ආහාර වර්ග 34ක් වසර තුනකින් පසුව ආනයනය නොකරන බවත් ආනයන ආදේශයට රට වැසියන් හුරුපුරුදු විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) කීවේය. දේශීය ආහාර නිෂ්පාදනය වැඩසටහන් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවති රැස්වීමේ දී ජනාධිපතිවරයා කියා සිටියේ රටේ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීම මේ වැඩසටහනේ අරමුණ බවයි.

