වගා හානි වන්දි දීම ඇරැඹේ


 

(අංජුල මහික වීරරත්න)

2021/22 මහ කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් රුපියල් මිලියන 800ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ප්‍රදානය කිරීම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් 2535කට රුපියල් මිලියන 33ක මුදලක් ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයට අවශ්‍ය පොහොර, කෘමිනාශක සහ වල්නාශක බෙදාහැරීම, ඉන්ධන ලබාදීම සහ පශු සම්පත් ක්ෂේත්‍රය   සම්බන්ධ කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව අමාත්‍යාංශය පවසයි.