(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
පාස්කු ඉරිදා දින රටට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳ වගකිවයුත්තේ කවුරුන්දැයි ආණ්ඩු පක්ෂ විපක්ෂ කවුරුත් දන්නා නමුත් ප්‍රකාශ කිරීමට බිය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
කොකේන් හා කුඩු අල්ලන විට ලකුණු දා ගන්නා සේ මෙම සිදු වූ වරද පිළිගැනීමට නොහැකි ඇයිද යන්න ගැටලුවක් බවද මන්ත්‍රීවරයා කීවේය.
රටේ ආරක්ෂාව පිළිබඳ බලතල කිසිවක් තමාට හෝ පවරා නොතිබූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ බවද මන්ත්‍රීවරයා කීවේය

