වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කරන කටු හිඟයක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කරන කටු වල හිඟයක් පවතින බව බදුල්ල  දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පදවිය රෝහලේ අදාල කටු නොමැති බවට තමාට දැනගන්නට ලැබුණු බව කී මන්ත්‍රීවරයා මුළු රටේම රෝහල්වල තත්ත්වයද එය බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා:-

හදාර කටු සැපයීම සඳහා ටෙන්ඩර් ගත්ත සැපයුම්කරුවාගේ වරදක් නිසා ඒ තත්ත්වය නිර්මාණය වී තිබෙනවා.

හැම රෝහලක් සඳහාම ප්‍රාදේශීය මිලදී ගැනීම් කරන්න මුදල් ලබා දී තිබෙනවා.ඔක්තෝබර් 12 වන විට ඒ අවශ්‍යතා සම්පූර්ණ වෙනවා.