(විනීතා එම් ගමගේ)
දිවයින පුරා සිටින වකුගඩු රෝගීන් පිළිබඳ සංගණනයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මෙම සංගණනය මෙම වසර තුළ ආරම්භ කරනු ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අධ්‍යයනය සඳහා අවශ්‍ය මුදල් අයවැයෙන් වෙන් කර දී ඇතැයි පැවැසේ.
මේ සංගණනයත් සමඟම රෝගීන් වැඩි ප‍්‍රදේශ, රෝගීන් සිටින තත්ත්වය, ඔවුන්ගේ සමාජ ආර්ථික මට්ටම වැනි තොරතුරු ලබා ගත හැකි වන බවත් ඒ අනුව ඔවුන් වෙනුවෙන් ලබාදෙන සේවාවන් විධිමත් කළ හැකි බවත් ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා ලංකාදීපයට පැවැසීය.
මේ වැඩපිළිවෙළ සමඟ වකුගඩු හැරුණු විට තවත් අවයව දන් දීම කෙරෙහි ජනතාවගේ අවධානය වැඩිපුර යොමු කර ගැනීම සඳහා ද සුවිශේෂී වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව ද හෙතෙම කීවේය.
මේ වනවිට රෝගීන් 2800 කට ආසන්න රෝගීහු පිරිසක් ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී සිටිති.

