වකුගඩු රෝගය ගැන සොයන්න ඕස්ට්‍රේලියාවෙන් කණ්ඩායමක්


විනීතා එම් ගමගේ
 
දිවයිනේ පළාත් ගණනාවක පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ අධ්‍යයනයක් සඳහා ඕස්ට්‍රේලියානු විශේෂඥයින් කණ්ඩායමක් අනිද්දා (31) දිවයිනට පැමිණීමට නියමිතය. 
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ඕස්ට්‍රේලියාවේ කළ  නිල සංචාරයේ දී ශ්‍රී ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගයට හේතු සොයා ගැනීමට උපකාර වන්නැයි එරට රජයෙන් කල ඉල්ලීමට අනුව අස්සන් කළ අවබෝධතා ගිවිසුමට අදාලව මෙම විද්‍යාඥයින් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතය. 
 
මෙම කණ්ඩායම දින කිහිපයක් දිවයිනේ ගත කිරීමට නියමිත අතර, කොළඹ දී නොවැම්බර් දෙවැනිදා සිට දෙදින වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය.
 
මෙම වැඩ මුළුවට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂකයින්, වකුගඩු රෝග පිළිබඳ  විශේෂඥයින් මෙන්ම විද්‍යාඥයින්ට ද ආරාධනා කර ඇතැයි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා ලංකාදීපයට පැවැසීය.