රජරට ඇතුළු වකුගඩු රෝග පැතිර ගොස් ඇති ප්‍රදේශවල වැසි ජලය හා ගලායන ජලය පිරිසිදු කොට පානීය ජලය ලබාදීමේ පුළුල් ව්‍යාපෘතියකට රජය ඉක්මණින් එළැඹිය යුතුයැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වකුගඩු රෝග පිළිබඳ පර්යේෂක වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේය.
බැර ලෝහ අඩංගු බවට සොයාගෙන ඇත්තේ භූගත ජලයේ වන අතර වැසි දිය, ගංගා , ඇලදොළ මත ගලා යන ජලය පිරිසිදු කොට පානීය ජලය සකසා ගත හැකි බව ජයසුමන මහතා පෙන්වා දෙයි. මේ සදහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බවද හෙතෙම පෙන්වා දෙයි.
රජරට නිවාසවලට ජල පෙරණ, බෝතල් ලබාදීම මේ ප්‍රශ්නයට සැබෑ විසදුම නොවන බවත් ඉක්මණින් සැබෑ විසදුමකට යාමේ අවශ්‍යතාව පවතින බවත් ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

