වංචාවක් සිදුව ඇත්නම් මුදල් ආපසු දෙනවා


වෙරෝනා නුවර තම ගුවන් ටිකට්පත් ආයතනයෙන් ටිකට් පත් නිකුත් කිරීමේ දී  ගණුදෙනුකරුවන් අපහසුතාවයට පත්ව ඇත්නම් තම මිලානෝ කාර්යාලය හරහා මුදල් ආපසු දෙන බවත් වංචාව කළ සේවිකාවට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් මිහින් ටුවර්ස් හි කිමිකරුවකු වන මහින්ද දේශප්‍රිය මහතා එසැණට පැවසිය.

මිලානෝ සංචාරක වෙළද ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී ආපසු පැමිණි පසු තමා දින කිහිපයක් අසනීප වීමත් නිසා  ආයතනයට නොපැමිණි බවත් ඔහු පවසයි.  

දැනට එම සේවිකාව සොයා ගැනීමට නොහැකි බව කියන දේශප්‍රිය මහතා ඇය පිළිබඳව තිබූ විශ්වාසය නිසා තම ආයතනයට මෙම ගැටළුවට මුහුණදීමට සිදුවූ කියයි.