වංචා දුෂණ කොමිසමට පැමිණිලි ගලයි


බරපතල වංචා  දුෂණ විමර්ශණය කිරිම සඳහා  පත්  කළ ජනාධිපති  පරික්ෂණ කොමිසමට පැමිණිලි  800 කට  අධික ප්‍රමාණයක්  ලැබී  ඇති බව එහි  ලේකම්  ලැසිල් ද සිල්වා  මහතා  පැවසුවේය.

මෙම කොමිසම ස්ථාපිත කළ පසුගිය අප්‍රේල්  මාසයේ  සිට මේ  දක්වා  ගෙවුණූ  මාස හතරකදී එම පැමිණිලි ලැබී ඇත. පසුගිය කාලයේදි  දේශපාලකයන් , රාජ්‍ය නිලධාරින්  හා ව්‍යවස්ථාපිත මණ්ඩල වල නිලධාරින්  ලෙස කටයුතු  කළ පුද්ගලයන් බරපතල වංචාවන්, දුෂණ ක්‍රියාවන්, සාපරාධි  ලෙස විශ්වාසය කඩ කිරිම්, රාජ්‍ය දේපළ සාපරාධි ලෙස අපහරණය කිරිම , රාජ්‍ය  බලය අධිකාරිය සහ වරප්‍රසාද අනිසි  ලෙස පාවිච්චි කිරිම හෝ  අවභාවිතය කිරිම පිළිබඳව මෙම කොමිසමෙන්  පරික්ෂා කරන බව දැනුම්  දුන්  එහි ලේකම්වරයා  මේ පිළිබඳ තොරතුරු  කොමිසමට  දැනුම්  දෙන ලෙස මහජනතාවගෙන්  ඉල්ලා   සිටීයි.