ලෝයර්ගේ ගේ බින්ද දෙකක් මාට්ටු


(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියකට අයුත් පින්වත්ත බෝධිරුක්කාරාම පාරේ පිහිටි නිවසට ඇතුළුවී විදේශ මුදල් නෝට්ටු , ගෑස් සිලින්ඩර ඇතුළු උපකරණ සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි .

පින්වත්ත මීගහකෝවිල පාරේ පදිංචි 32 සහ 37 වියැති පුද්ගලයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කිය.

සැකකරුවන් දෙදෙනා නිවසේ පිටුපස ජනේලයක් උල් ආයුධයක් යොදා ගලවා නිවසට ඇතුළුව ගැස් සිලින්ඩර දෙකක් ,බූෆර් යන්ත්‍රයක් සහ මැලේසියානු මුදල් නෝට්ටු තොගයක් සොරකම් කර ඇති බවත් , බුෆර් යන්ත්‍රය හැර අනෙක් දෑ සොයාගත් බව පොලිසිය කීය.