ලෝටස් පාර වහයි


(ලහිරු හර්ෂණ)


මාලබේ  සයිටම් පෞද්ගලික  විශ්ව විද්‍යාල සිසුන්  ඇරැඹු විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වන විට  කොළඹ ලෝටස් පාර වසා දමා තිබේ.

කොතලාවල ආරක්ෂක පීඨයට  තමන් බඳවා ගැනීම කඩිනම් කරන්නැයි ඉල්ලමින්  ඔවුන් මෙම උද්ඝෝෂණය අරඹා  ඇත.

කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ඔවුහු මෙම උද්ඝෝෂණය ඇරැඹු අතර  ජනාධිපතිකාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිතය. පොලිස් මාර්ග බාධක යොදා  මාර්ගයේ ආරක්ෂාව තර කර තිබේ.