(ජයමාල් චන්ද්‍රසිරි)
රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර මේ වන විට වසා දමා ඇත.
උද්ඝෝෂණය අතරතුරදී උද්ඝෝෂකයෝ විසුරුවා හැරීමට ලෝටස් වට රවුමේදී පොලීසිය ජල ප්‍රහාර එල්ල කළද ඔවුහු මේ වන විටද ලෝටස් වටරවුමේ රැදී සිටිති.
ඔවුන්ගේ නියෝජිතයෝ කිහිප දෙනෙකු සාකච්ඡාවක් සඳහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වි සිටිති.
උද්ඝෝෂණය සඳහා රැකියා විරහිත උපාධිධාරීහු 150 කට අධික පිරිසක් එක්ව සිටින අතර මාර්ගය වසා දැමීම හේතුවෙන් අවට රථ වාහන තදබදයක්ද පවතී.