(රංජිත් රාජපක්ෂ)
ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායේ වතුකම්කරුවෝ පිරිසක් අද (4) හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ ලෝගි වතුයාය ප‍්‍රදේශයේදි උද්ඝෝෂණයක නිරත වූහ.
ප‍්‍රධාන මාර්ගය අභියස කොත්මලාඔයට ඉහළින් තම වතුයායට අයත් ඉඩමක් පිටස්තර අයකු විසින් අල්ලාගෙන එම ඉඩමට කටු කම්බි ගසා මායිම් සලකුණු කර තිබිමට එරෙහිව මෙම උද්ඝෝෂණය සිදුකළ අතර එම මායිඒ කණු සියල්ල ගලවා ඉවත් කළ උද්ඝෝෂණයේ නියලි එම වතුයායේ වතුකමිකරුවෝ අවධාරණය කර සිටින්නේ තම වතුයායට අයත් ඉඩම් කිසිසේත් පිටස්තර අයට ලබා දිය නොහැකි බවයි.





